23rd January 2026 11:20:33 Hours
රටේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති හදිසි ව්‍යයසනකාරී තත්වය මත 2025.11.30 වන දින හලාවත දිස්ත්‍රික් මහ රෝහලට බලපෑ ගංවතුර හේතුවෙන් එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සහන සේවා කටයුතු සිදු කරන ලදී. මේ සඳහා 1 බලකාය යටතේ ඇති 58 වන පාබල සේනාංකයේ සහ 583 පාබල බලසේනාවේ උපදෙස් යටතේ 6 වන විජයබාහු පාබල බළඇණියට අයත් භට කණ්ඩායම් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර, එහිදී රෝගීන් 62 ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ගැනීමට මෙම භට පිරිස් සමත් විය.