Header Sinhala

10th June 2023 00:20:44 Hours

ලෝක පරිසර දිනයට සමගාමීව 53 පාබල සේනාංක කදවුරු පරිශ්‍රය තුල පැල රෝපණය කිරීමේ වැඩ සටහන

2023.06.05 වන දිනට යෙදි ඇති ලෝක පරිසර දිනයට සමගාමිව 53 පාබල සේනාංක කඳවුරු පරිශ්‍රය තුල රෝපණය කිරිම සදහා පැල 350 ක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම දඹුල්ල ශාඛාව වෙතින් 53 පාබල සේනාංක මූලස්ථානය වෙත ලබා දුන් අතර, 53 වන සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පS එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම යටතේ නියෝජ්‍ය සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් ආර්ඩබ්ලිව්කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් 53 පාබල සේනාංක මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී පැල රෝපණය කරන ලදී.