Header Sinhala

17th January 2023 11:26:32 Hours

රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීමෙන් අනතුරුව 1 බළකාය 2023 නව වසර වෙනුවෙන් වැඩ කටයුතු අරඹයි

1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මඟපෙන්වීම යටතේ 2023 ජනවාරි 02 වන දින හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ 1 බලකා මූලස්ථානය නිල වශයෙන් 2023 වර්ෂයේ රාජකාරි ආරම්භ කරන ලදී.

ජාතික ධජය සහ 1 බළකා ධජය එසවීමෙන් පසු පිළිවෙලින් ජාතික ගීය සහ යුධ හමුදා ගීතය ගායනා කරන ලදී. පසුව මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. අනතුරුව රාජකාරිය වෙනුවෙන් කැපවන බවට පොරොන්දු වෙමින් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් රාජ්‍ය ප්‍රතිඥාව සඳහා දිවුරුම් දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ 1 බළකායේ බලකාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩ පිළිවෙළින් බ්‍රිගේඩියර් (පාලන/ භකාස) සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් කියවන ලදී. 1 බළකායේ බලකාධිපති විසින් නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත පුද්ගලිකව සිය සුභාශිංසන පිරිනැමූ අතර, එහිදී ඔහු මාතෘභූමියේ යහපැවැත්ම සඳහා 1 බළකායේ වගකීම් සිහිපත් කළේය.

අවසාන වශයෙන්, 1 බලකා මූලස්ථානයේ සියලුම නිලයන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලද අතර එහිදී 1 බළකායේ බලකාධිපතිතුමාගේ මගපෙන්විම යටතේ බ්‍රිගේඩියර් (පාලන/ භකාස), බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා විසින් 1 බළකායේ සිවිල් සේවකයින් හට විශේෂ ත්‍යාග ලබා දෙන ලදී.