Header Sinhala

26th November 2022 12:47:59 Hours

රයිගම ප්‍රාන්තයේ, ඉංගිරිය ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වියළි සලාක ඇසුරුම් බෙදා දිම

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රාන්තයේ, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි දිළිදු පවුල් 78ක් සඳහා වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2022 අගෝස්තු 31 වැනි දින 1 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ “පාබල නිම්න විවේක හා විනෝදාස්වාද” මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. ඒ සදහා වන අනුග්‍රහය පරිත්‍යාගශිලියෙකු වන සංජය පීරිස් මහතා විසින් ලබාදෙන ලදි.

මෙම පරිත්‍යාග වැඩසටහන 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල ඉහළගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් සහ මගපෙන්වීම මත පවත්වන ලද අතර 1 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යුඑල්ඩිකේ පෙරේරා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි විසින් සංවිධානය කරන ලදී. 582 වන පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.