Header Sinhala

03rd September 2022 13:05:35 Hours

යුධ හමුදා සාමාජිකයින්ගේ මානසික සෞඛ්‍යය සහ ධෛර්යය වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්විම

1 වන බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ගේ උපදෙස් පරිදි සහ 53 වන පාබල සේනාංකයේ සේනාංනාධිපති මේජර් ජෙනරාල් උදය හේරත් ගේ සමීප අධීක්‍ෂණය යටතේ මානසික සෞඛ්‍යය සහ ධෛර්යය වැඩිදියුණු කිරීම සඳහා අභිප්‍රේරණ වැඩමුළුවක් පවත්වන ලදී. 2022 අගෝස්තු 12,15,16,22 සහ 23 යන දිනවල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානය, ගනේමුල්ල හිදී බලලත් නිලධාරි II සමන් කුමාර එම්ඒ (කරෙ) මෙම වැඩමුළුව පවත්වන ලද අතර 6ශ්‍රිලපාහ,24 ශ්‍රිලපාහ , 12ශ්‍රිලංසිරෙ, 5ගැහෙබ, 3ගරෙ සහ1විපාරෙ සහ වලින් නිලධාරීන් සහ සෙසු නිලයන් 12 x 300 ක් සහභාගී විය.