Header Sinhala

15th May 2023 17:08:45 Hours

යුධ හමුදා භඨපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශානක රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත, 1998 අප්‍රේල් 20 වැනි දින ඕලුමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විතයේදී දිවිපිදූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතන් එම්.එස් ජීවන්ත රාජපක්ෂ වීරෝධාර නිලධාරිගේ 25 වැනි ගුණානුස්මරණයට සමගාමීව 2023 මැයි මස 04 වන දින කුරුණෑගල ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගයෙන් ගලේවෙල - කනදාන දේවරුක්ඛාරාම විහාරස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙම ලේ දන්දිමේ වැඩසටහනට 53 පාබල සේනාංකය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රාජකාරි සිදු කරන ලබන යුධ හමුදා සාමාජිකයින් 167 දෙනෙකු සහ ගලේවෙල ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සහභාගි විය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අවස්ථාවේදී, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ස්ථානයට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ලේ පරිත්‍යාග කිරීම සඳහා සහභාගී වූවන් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත විය. 53 පාබල සේනාංකය සංවිධානය කල මෙම ලේ දන්දිමේ වැඩසටහන වෙනුවෙන් කුරුණෑගල ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කෘතඥතාවය යුද්ධ හමුදාව වෙත පළකෙරිණි.