16th December 2024 09:47:48 Hours
යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් (වෛද්‍ය) කේජීකේඑච් විජේවර්ධන ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 22 දින කිලිනොච්චියේ පිහිටි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත විය. එම රෝහලේ මෙහෙයුම් කටයුතු සහ සමස්ත කාර්යසාධනය සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදුකෙරිණි.
රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෝහලේ නිලධාරි අණදෙන මේජර් (වෛද්‍ය) සී. ජයසිංහ විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, මේජර් (වෛද්‍ය) සී. ජයසිංහ විසින් එම රෝහලේ කාර්යභාරයන් සහ සේවාවන් පිළිබඳව සවිස්තරාත්මකව යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෞඛ්‍ය සේවා සැපයීමේදී එහි ප්‍රධාන කාර්යභාරය පිළිබඳව ද පැහැදිළි කළේය.
නිල සංචාරය අතරතුර, එතුමන් බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, දන්ත වෛද්‍ය අංශය, විකිරණ ඒකකය, රසායනාගාරය, එළිමහන් ඔසුසල සහ වාට්ටු සංකීර්ණය ඇතුළු ප්‍රධාන ස්ථාන කීපයක් නිරීක්‍ෂණය කළේය. ඇඳන් 45 කින් සමන්විත මෙම රෝහල මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගෙන් පවුල් වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය පැවැත්ම වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
අනතුරුව, එතුමන් නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ අතර, එම රෝහලේ සංචාරය සමාප්තියේදී අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.