Header Sinhala

10th February 2023 21:32:59 Hours

යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ තේමාව ඔස්සේ දේශනයක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023 ජනවාරි 26 දින 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’තේමාව ඔස්සේ පවත්වනු ලැබූ දේශනය වෙනුවෙන් 583 වන පාබල බලසේනාව, 1වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 165 දෙනෙකු සහභාගී වූහ.

මෙම දේශනය ආචාර්ය ආර්. චන්ද්‍රිකා රාජපක්‍ෂ මහත්මිය විසින් මෙහෙයවන ලද අතර එහිදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ මනෝවිද්‍යාත්මක ආකල්ප පිළිබඳ භටපිරිස් දැනුවත් කරන ලදී.1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.පී.එස්. සමරසිංහ විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.