Header Sinhala

05th August 2022 11:38:46 Hours

යුද හමුදා භට පිරිස් කිලිනොච්චි රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරයි

කිලිනොච්චි මහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරි නියුතු නි/සෙසුනිලයින්ගේ සහයෝගයෙන් කිලිනොච්චි යුධ හමුදා මුලික රෝහලේදි ලේ දන් දීමේ වැඩසටහනක් 1 බලකා මුලස්ථානය සහ කිලිනොච්චි යුද්ධ හමුදා මුලික රෝහල විසින් සංවිධානය කර 2022.07.24 වන දින පවත්වන ලදි. මෙහිදී 1 බලකාය හා එයට අයත් සේවා ඒකකයන්, 57 වන පාබල සේනාංකය,66 වන පාබල සේනාංකය හා 4 වන බුද්ධි බලකාය,5 වන ශ්‍රීලංකා සන්නා සන්නද්ධ බලකායේ “බි” බලඝණය සහ කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් ඇතුළු 155 දෙනෙකු ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරිම සඳහා සහභාගි වන ලදි.

මෙම ලේ දන් දීමේ වැඩසටහන සඳහා කිලිනොච්චි රෝහල් ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අචනා ඕබ්‍රිස් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහය ලබා දුන් අතර, 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ කිලිනොච්චි යුද්ධ හමුදා රෝහලේ නිලධාරි අණදෙන මේජර් එරන්ද සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම වැඩසටහන අධික්‍ෂණ කටයුතු සිදු කරන ලදි. වැඩසටහන අවසානයේ කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත බේරා ගැනිම සඳහා යුද්ධ හමුදාව දක්වන ලද පරිත්‍යාගශිලීත්වය සහ සහයෝගය අගය කිරිමටද කිලිනොච්චි මහ රෝහලේ කාර්ය මණ්ඩලය අමතක නොකරන ලදි.