Header Sinhala

17th May 2023 16:21:59 Hours

මියගිය රණවිරුවන් සහ සියලුම ජාතීන් වෙනුවෙන් පිං අනුමෝදන් කරමින් ආගමික වැඩසටහන් මාලාවක්

1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, 1 බලකායේ භට පිරිස් විසින් මානුෂීය මෙහෙයුම් වලදී මියගිය සියලු දෙනාහට සෙත්පැතීම සඳහා ආගමික වැඩසටහන් කිහිපයක් 2023.05.14 වන දින 1 බලකායේ භට පිරිස් සහ කිලිනොච්චි ප්‍රදේශයේ සියලුම ජාතීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ලුම්බිණි විහාරස්ථානය - කිලිනොච්චිය, මුරුකන්ඩි මුරුගන් හින්දු කෝවිල, කිලිනොච්චියේ මස්ජිඩුස් සලාම් ජුම්මා පල්ලිය, ඉරණමඩු අම්මාන් හින්දු කෝවිල සහ ශාන්ත තෙරේසා දේවස්ථානය - කිලිනොච්චිය යන සිද්ධස්ථාන වලදී යාඥාවන් සහ ආශිර්වාද මාලාවන් පැවැත්විණි.

1 බලකා මූලස්ථානයේ සහ ඒ යටතේ ඇති සේවා ඒකකයන්හි සියලු නිලයන්ගේ සහයෝගයෙන් මෙම ආගමික වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම ආගමික වැඩසටහන් මාලාව සඳහා 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පීසීඑල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.