23rd January 2026 11:08:53 Hours
පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ දරුණු නායයෑම්වලින් සහ සුළි කුණාටු තත්වය හේතුවෙන් 53 වන සේනාංකයට අනුයුක්ත විශේෂ පාබල මෙහෙයුම් කණ්ඩායම් (SIOT) මහියංගනය සහ යහන්ගල ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු සඳහා තම සක්‍රීය දායකත්වය සපයන ලදී. තවද ස්ථාන වෙත කඩිනමින් ලඟාවෙමින් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා මෙම භට පිරිස් උපරිම උත්සාහයක නිරත විය.