Header Sinhala

19th December 2023 09:30:59 Hours

බළඇණි පුහුණු පාසල - කටුකැලියාව පුහුණුව සඳහා විවෘත කරයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණයෙන් 58 පාබල සේනාංකයේ භඨපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කර 2023 නොවැම්බර් මස 23 වන දින කටුකැලියාව බලඇණි පුහුණු පාසල විවෘත කරන ලදී. 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩබ්ලිව් ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් කේ එන් පී කළුබෝවිල යන නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එම පුහුණු පාසලේ පැවති උත්සවයෙන් අනතුරුව 1 ශ්‍රිලපාහ ඒකකයට අයත් නි/සෙසුනිලයන් විසින් සිය බලඇණි පුහුණුවීම් කටයුතු එදිනම ආරම්භ කරන ලදී.