19th February 2025 15:40:54 Hours
වත්මන් රජය විසින් ආරම්භ කරන ලද Clean Sri Lanka වැඩසටහන යටතේ, 58 වන පාබල සේනාංකය හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සම්බන්ධතාවයෙන් පරිසරය අලංකාරව හා පිරිසිදුව පවත්වා ගැනීමේ ව්‍යාපෘතියක් 2025.02.18 වන දින පෙරවරුවේ ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන තුලින් පුත්තලම-මන්නාරම මාර්ගයේ කිලෝමීටර 2 ක කොටසක් සහ සෙව්වන්සි කලපුව අසල මාර්ගයේ දැඩිලෙස අපවිත්‍ර වී තිබූ මීටර් 200 ක කොටසක් පිරිසිදු කිරීම සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන වල ද සහභාගීත්වය ලබා දෙන ලදී . මෙම වැඩසටහන සදහා 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොහාන් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජේෂ්ඨ නිළධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, 58 වන සේනාංකයේ නිළධාරී සෙසු නිළයන්ගේ සහභාගීත්වය ලබාදෙන ලදී.