13th June 2025 18:23:37 Hours
ශ්‍රි ලංකා යුද හමුද සේවා විනීතා ඒකකය විසින් සංවිධානය කරන ලද පියයුරු පිළිකා පිළිබඳ දේශනය 2025 ජුනි 02 වන දින 1 වන බලකා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි, මෙම වැඩසටහන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය සහ කල්තියා හඳුනා ගැනීම සහ වැළැක්වීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කළේය. මෙම අවස්ථාවට බ්රිගේඩියර් ජූඩ් කාරියකරවන (බ්රිගේඩියර් ජෙනරාල් මාණ්ඩලික), කර්නල් බුද්ධික ජයසූරිය (කර්නල් සම්බන්ධීකාරක) සහ 1 වන බලකා සහ 55 වන සේනාංකවල සෙබළ සෙබළියන් 17 x 343 දෙනෙකු සහභාගී විය.
1 වන බලකා බලකාදිබති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩූයු, යන ජේෂ්ඨ නිලදාරී තුමා විසින් වෛද්ය චූලා ගුණසිංහ සහ ඉන්දිරා පිළිකා භාර කණ්ඩායමට ඔවුන්ගේ අගනා, ස්වේච්ඡා දායකත්වය වෙනුවෙන් සමරු සිහිවටනයක් ප්‍රදානය කළේය.