21st January 2026 11:16:43 Hours
කටුපුලිය ප්‍රාථමික පාසලේ සහ පුත්තලම මොරගත්කාව පාසලේ ඉගෙනුම ලබන ළමුන් 51 දෙනෙකු සඳහා පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් 2025 අගෝස්තු මස 07 වන දින මොරගත්කාව පාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී. මෙම වැඩ සටහන 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ 85 වන කණ්ඩායමේ සාදර අනුග්‍රහය යටතේ මෙය සිදුකරන ලදී.