Header Sinhala

21st December 2022 16:49:02 Hours

පාකිස්ථානයේ මහ කොමසාරිස් 1 බළකායට පැමිණීම

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි, (Major General (Retd) Umar Farooq Burki, Hilal-i-Imtiaz (Military) 2022 නොවැම්බර් 24 වන දින කිලිනොච්චියේ 1 බළකා මූලස්ථානයේ සුහද සංචාරයක නිරත වූ අතර, බළකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

අභ්‍යන්තර ආරක්ෂක කටයුතුවලදී ඉහළ මෙහෙයුම් සූදානමක් පවත්වාගෙන යාම සහ ආපදා සහන තත්වයන් හමුවෙි පළමු වගඋත්තරකරු වීම, එවැනි ගැටළු කළමනාකරණය කිරීම සහ රජයේ යාන්ත්‍රණයන් සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යාම පිළිබඳව බලකාධිපතිතුමා විසින් මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදී.

සංචාරය සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් සිදුකල අතර අනතුරුව එතුමන් විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.