Header Sinhala

22nd December 2022 11:39:57 Hours

පරිණත නායකත්වය පිළිබඳ දේශනය

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මඟපෙන්විම යටතේ 1 බලකාය සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්ට අයත් රෙජිමේන්තු සැරයන් මේජර්වරු,රෙජිමේන්තු සරඹ උපදේශකවරු සහ ජ්‍යෙකොනොනින් සදහා පරිණත නායකත්වය (Mature Leadership) පිළිබඳ දේශණයක් ලුතිනන් කර්නල් ඩබ්ලිව්පීකේ සෙනරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2022.11.25 වන දින 1 බලකා දේශණ ශාලාවේදි පවත්වන ලදි. එම දේශනය සදහා ජ්‍යෙකොනොනින් 47 දෙනෙකු සහභාගි වන ලදි.

එමෙන්ම 53, 58 පාබල සේමු ,කමාන්ඩෝ, විශේෂ බලකා බසේමු සහ 1 බලකාය යටතේ පාලනය වන ඒකකයන්හි රෙජිමේන්තු සැරයන් මේජර්වරු, රෙජිමේන්තු සරඹ උපදේශකවරු සහ ජ්‍යෙකොනොනින් 432 දෙනෙකු ZOOM තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වන ලදි.