Header Sinhala

22nd December 2022 11:43:55 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 බලකායේ බලකාධිපතිතුමන් 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 දෙසැම්බර් 11 වන දින විශ්‍රාම යාමට පෙර 53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සංචාරයක නිරත විය. මෙම සංචාරය ආරම්භයේදි 1 බලකායේ බලකාධිපතිතුමන් හට 8 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්)සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිළධාරින් සහ අණදෙන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බලකාධිපතිතුමන් පිළිගන්නා ලදී.

1 බලකායේ බලකාධිපති විසින් 53 වන පාබල සේනාංකයේ භට පිරිස් ඇමතීමක් සිදුකරන ලද අතර ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි විය. අවසාන වශයෙන්, 1 බලකායේ බලකාධිපතිගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, එහිදී නිලධාරීන් සමඟ සිය වටිනා අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් 1 බලකායේ බලකාධිපතිතුමන් සිය නිල සංචාරය අවසන් කරන ලදී.