Header Sinhala

07th June 2022 21:46:26 Hours

නික්ම යන පළමුවන බළකාධිපතිට 1 බළකායෙන් ගෞරව

1 බළකායේ 1 වන බළකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීසී එම්පීල් 2022 මාර්තු 12 වන දින කිලිනොච්චි 1 බළකා මූලස්ථානයේ පැවති විධිමත් හමුදා උත්සවයකදී සිය ධූරයෙන් ඉවත් විය.

නික්ම යන ආඥාපති වෙත මූලස්ථාන ප්‍රධාන පිවිසුම අසලදී කදවුරු මුරයක් පිලිගැන්වීමෙන් අනතුරුව, 5 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගෞරව සම්මාන ආචාර පෙළපාලියක් ඔහු වෙත ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, නික්මයන බළකාධිපති විසින් 1 වන බළකාධිපති ලෙස අමුත්තන්ගේ පොතෙහි මතක සටහන් තබා සිය අත්සන තැබීය. නික්ම යන බළකාධිපති සහ සේනාකාධිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය.

ඉන් අනතුරුව, නික්ම යන බළකාධිපති "නෙළුම්පියස" ශ්‍රවනාගාරයේදී භට පිරිස් අමතා වසර 35ක විශිෂ්ඨ සේවාකාලය තුල සිදුවීම් බෙදාගත් අතර, තම සේවා කාලය තුළ ලබාදුන් සහයෝගයට සියළුම නිලයන් වෙත ස්තූතිය පළ කළ අතර, සංවිධානයේ කීර්තිය උදෙසා ඔවුන්ගේ කැපවීම දිගටම කරගෙන යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. අනතුරුව 1 බළකායේ බ්‍රිගේඩියර් ප්‍රමාණි විසින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් පසු එම ස්ථානයේදීම සියලුම නිළ තේ පැන් සංග්‍රහයකටද යුද්ධ හමුදාධිපතිතුමා සහභාගී විය. සේනාකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන් සහ සෙසු නිලයින් මේ සඳහා සහභාගී වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි දැඩිව පිළිපැදීමෙන් මෙම උත්සවය පැවැත්විණි.