Header Sinhala

07th June 2022 22:25:52 Hours

නව බළකාධිපති 1 බළකා මූලස්ථානයේ වැඩ භාරගනී

මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න එන්ඩීසී, පීඑස්සී 1 වන බළකායේ 2 වන බළකාධිපති ලෙස 2022 මාර්තු 14 වන දින කිලිනොච්චියේ 1 බළකා මුලස්ථාන පරිශ්‍රයේදී ආගමික සහ යුධහමුදා සම්ප්‍රදානූකූලව වැඩ භාර ගන්නා ලදී.

නව බළකාධිපතිගේ සම්ප්‍රාප්තියත් සමග දිනයේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් කදවුරු මුරය පිරිනමන ලද අතර. අනතුරුව, ඔහුව බ්‍රිගේඩියර් ප්‍රමානි 1 බළකාය, බ්‍රිගේඩියර් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, 5 වන ගැමුණු හේවා භට පිරිස් විසින් ගෞරව සම්මාන මුරයක් පි පිරිනමන ලදී. ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න එන්ඩීසී පීඑස්සී නව කාර්යාලයේදී සිය රාජකාරී ආරම්භ කළේ සුබ මොහොතින් නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින්ය.

අනතුරුව, "නෙළුම්පියස" ශ්‍රවනාගාරයේදී බළකාධිපති විසින් භට පිරිස් ඇමතීය. අනතුරුව බළකාධිපති සියළු නිළ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි දැඩිව පිළිපැදීමෙන් මෙම උත්සවය පැවැත්විණි.