Header Sinhala

25th August 2023 17:32:36 Hours

නව අණදෙන නිලධාරී - 9 වන සංඥා බලකාය රාජකාරි භාර ගනී

මේජර් කේඑම්අයිපී හේමපාල යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 9 වන සංඥා බලකායේ 11 වන අණදෙන නිලධාරී ලෙස 2023 අගෝස්තු 21 දින වැඩ භාර ගන්නා ලදී.

නව අණදෙන නිළධාරි හට බළඇණි භඨ පිරිස් විසින් සම්ප්‍රදායානූකූල සම්මාන මුරයක් සහ සම්ප්‍රදායානුකූල පෙළපාලියක්ද පිරිනමන ලදී.

ඉන් අනතුරුව නව අණදෙන නිළධාරීවරයා සිය රාජකාරි භාරගැනීම සිහිකරම උදෙසා අඹ පැළයක් රෝපණය කරන ලදී.

එමෙන්ම නව පත්වීම් ලද අණදෙන නිලධාර හට බලඇණියේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සිය සුභ පැතුම් එක් කරන ලදි.