28th October 2024 14:09:23 Hours
1 බලකා මූලස්ථානයේ පස්වන බලකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 2024 ඔක්තෝබර් මස 05 වන දින 1 බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.
උත්සවය සමාරම්භය සනිටුහන් කරමින් 1 බලකා මූලස්ථානයේ ප්රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව පළමු වන බළඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 1 බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
1 බලකා මූලස්ථානයේ සම්මන්ත්රණ ශාලාවේදී භටපිරිස් ඇමතූ බලකාධිපති තුමන් සිය සේවා කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය කෘතඥතාවය පළකළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සහ කීර්තිනාමය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙසද එතුමන් වැඩිදුරටත් ප්රකාශ කරනු ලැබීය.
උත්සවය සමාප්තියේ මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සියලු නිල තේ පැන් සංග්රහයට සහභාගි වූ අතර, භට පිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවේය. මෙම අවස්ථාව සඳහා 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.