Header Sinhala

11th June 2023 10:32:33 Hours

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත 1 බලකායේ ගෞරවාචාර

1 බලකා මූලස්ථානයේ තෙවන බලකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2023 ජුුනි මස 05 දින 1 බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.

උත්සවය සමාරම්භය සනිටුහන් කරමින් 1 බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව විජයබහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 1 බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

1 බලකා මූලස්ථානයේ ‘නෙළුම්පියස’ සම්මන්ත්‍රණ ශාලාවේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය කෘතඥතාවය පළකළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සහ කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙසද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

උත්සවය සමාප්තියේ මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වු අතර භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවේය. මෙම අවස්ථාව සඳහා 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.