16th January 2023 17:01:42 Hours
අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට 2022.12.25 වන දින සන්ධ්‍යාවේ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ සහ 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලංග ප්‍රනාන්දු ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.