Header Sinhala

30th April 2023 11:28:13 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

53 පාබල සේනාංකය යටතේ 2018 මැයි මස 01 දින නැවත ස්ථාපිත කරන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ 3 වන සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් අයිඒඩීආර්පී ගුණතිලක ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2023 මාර්තු 23 වන දින වැඩ භාර ගන්නා ලදී. ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙත සපැමිනි සේනාවිධායකතුමන් වෙත 3 වන ගජබා රෙජිමේන්තු භඨපිරිස් විසින් සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකලහ.

ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයට අත්සන් තබමින් රාජකාරී භාර ගැනීම් සනිටුහන් කරන ලදී. ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ නිලධාරීන් සහ සියලුම නිලයන් විසින් නව පත්විමේ රාජකාරී භාරගැනීමෙන් පසු සේනාවිධායක වෙත සුභාෂිංශන පිරිනමන ලදී.