Header Sinhala

21st August 2023 23:48:14 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව අවසන් කරයි

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය 2023 ආගෝස්තු 20 දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා . 53 පාබල සේනාංකයේ ( ආර්එස්එෆ්) සේනාංකාධිපතී මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී,53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපතී බ්‍රිගේඩියර් ආර්ඩබ්ලිව්කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් ආර්පී මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, 532 බලසේනාවේ බලසේනාධිපති ඩිජිඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපතී ඩබ්ලිව්එම්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපතී බ්‍රිගේඩියර් එම්පීකේඑල් අමරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 533 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒඑම්එස්ඩීබී අදිකාරි ආර්එස්පී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 127 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස මේජර් කේජිජේ කරුණරත්න - විපාරෙ සහ පාඨමාලාවේ හොදම ශාරිරික අභ්‍යාස ශිෂ්‍යයා ලෙස ලාකෝ අත්තනායක ඒඑම්ජේඑස් - 3 ශ්‍රිලපාහ සහතික පත් හිමි කර ගන්නා ලදී.