Header Sinhala

08th June 2025 16:51:21 Hours

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති රාජකාරි අරඹයි

බ්‍රිග්‍රේඩියර් ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී එච්ඩිඑම්සී ගුවන් සංක්‍රමික බලසේනාවේ 26 වන බලසේනාධිපති ලෙස 2025 මැයි මස 16 වන ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.

නව බලසේනාධිපතිතුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් පරිනමන ලද අතර,රාජකාරි භාරගැනිම සංකේතවත් කරමින් නිල ලේඛණයට අත්සන් තැබිමෙන් පසුව බලසේනාධිපති තුමන් භඨපිරිස් ඇමතීමෙන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගීවන ලදී.