Header Sinhala

13th June 2025 16:40:45 Hours

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති 5 වන ගැමුණු හේවා බලඇණියේ නිල සංචාරය

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍රර ආර්එස්පී, පීඑස්සී, එච්ඩීඑම්සී, 2025 මැයි 22 වන දින කොළඹ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි 5 වන ගැමුණු හේවා බලඇණියට සිය පළමු නිල සංචාරය සිදු කළේය.

තේ පානයෙන් පසු, බලසේනාධිපතිවරයා ඒකකයේ මෙහෙයුම් සහ පරිපාලන අංශ පිළිබඳව අණදෙන නිලධාරී විසින් පවත්වන ලද පුළුල් විස්තරයකට සහභාගී විය. ශ්‍රි ලංකා හමුදාවේ ගුවන් සංක්‍රමික බලසේනාවේ විනය පවත්වා ගැනීම ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් බලසේනාධිපතිවරයා සියලුම භට පිරිස් අමතමින් අවදාරනය කලෙය.

පළමු නිල සංචාරයේ වැදගත්කම සනිටුහන් කරමින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති විසින් අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීමෙන් සංචාරය අවසන් විය.