21st January 2026 16:43:04 Hours
ගුවන් සංක්‍රමික පාඨමාලා අංක - 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව 2025 ඔක්තෝබර් මස 15 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී විසිර යාමේ පෙළපාලිය සිදු කරන ලදී.
මෙම අවස්ථාවට 1 බලකා බලකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඒටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසිර යාමේ පෙළපාළියට සහභාගී වූහ.
නිලධාරීන් 04 ක් සහ සෙසු නිලයන් 102 ක් පාඨමාලාව සාර්ථකව නිමකල අතර, ඔවුන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් පහත සඳහන් පුද්ගලයින් හට විශේෂ සම්මාන පිරිනමන ලදී.
හොඳම වෙඩික්කරු: ලුතිනන් ඩීඑම්සීසීබී පුස්සැල්ල 1 විපාරෙ (O/72378)
දක්ෂතම ශිෂ්‍යයා : S/426513 සැරයන් ප්‍රියන්ත ඩබ්ලිව්එම්එස් - 5 ගැහේබ
හොඳම ශාරීරික යෝග්‍යතා ශිෂ්‍යයා : S/338711පාසෙ රත්නායක ආර්එම් - 3 ශ්‍රීලපාහ