Header Sinhala

22nd August 2023 00:10:35 Hours

කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරිම

1 බලකා මුලස්ථානයේ 4 වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් ශ්‍රිනාත් වල්පිට ගමගේ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 පෙබරවාරි 20 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.