Header Sinhala

15th March 2023 14:08:43 Hours

කර්නල් කේඒඑස්ජේ කොඩිතුවක්කු යූඑස්පී පිටිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 58 පාබල සේනාංකයේ නව කර්නල් සම්බන්ධීකරණ ලෙස රාජකාරී අරඹයි

58 වන පාබල සේනාංකයේ 3 වැනි කර්නල් සම්බන්ධීකරණ ලෙස කර්නල් ජනක කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 පෙබරවාරි මස 15 දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආගමික වතාවන් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට 58 පාබල සේනාංකයේ නිලධාරින් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගි වුහ.