Header Sinhala

24th October 2023 12:53:32 Hours

උසස්වීම් ලැබූ 533 පාබල බලසේනාවේ(ආර්එස්එෆ්) බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ

බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබූ 533 පාබල බලසේනා මූලස්ථානයේ (ආර්එස්එෆ්) බලසේනාධිපති ලෙස රාජකාරි කරන ලද බ්‍රිගේඩියර් ඒඑම්එස්ඩීබී අධිකාරි ආර්එස්පී 533 වන පාබල බලසේනා මූලස්ථානයේ (ආර්එස්එෆ්) සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත 533 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් හමුදා සාම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සිය ගෞරවාචාරය පුදකරන ලදී.

අනතුරුව සියලු නිලයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පිළිගැන් වූ අතර, බලසේනාධිපති විසින් සියලු භට පිරිස් ඇමතීමෙන් පසු උත්සවයේ කටයුතු අවසන් කරන ලදී.