Header Sinhala

04th October 2022 15:20:52 Hours

උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් විපුල ඉහළගේ වෙත 58 සේනාංකයේ ගෞරවාචාරය

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පසුගිය දා නිල ලාංඡන පැළදී 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල ඉහලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 58 පාබල සේනාංකය විසින් 2022 අගෝස්තු මස 24 දින හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

මේජර් ජෙනරාල් විපුල ඉහළගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයක් පුදකරනු ලැබූහ. අනතුරුව සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

මෙම ගෞරවාචාර පුදකිරිමේ උත්සව අවස්ථාව සඳහා 58 පාබල සේනාංකය, ආධුනික පුහුණු සම්බන්ධීකරණ අංශය හා ආධුනික පුහුණු පාසලේහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.