Header Sinhala

10th January 2024 10:06:45 Hours

උසස්විම් ලැබූ ගුවන් සංග්‍රාමික බළසේනාවෙහි බළසේනාධිපතිතුමන් වෙත ගුවන් සංග්‍රාමික බළසේනාවෙහි ගෞරවාචාරය

2024 ජනවාරි මස 1 වන දින උසස්වීම් ලද ගුවන් සංග්‍රාමික බළසේනාවෙහි බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒඩී රොඩ්රිග්‍රෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත ගුවන් සංග්‍රාමික බළසේනාව විසින් 2024 ජනවාරි මස 3 වන දින හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පවත්වන ලදී.

බ්‍රිගේඩියර් ඒඩී රොඩ්රිග්‍රෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත බළසේනා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පුදකරනු ලැබූහ. ගෞරවාචාර පුදකිරීමේ උත්සව අවස්ථාව සඳහා ගුවන් සංග්‍රාමික බළසේනාවෙහි හා ඊට අයත් ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.