Header Sinhala

27th July 2023 15:55:56 Hours

උසස් පාබල කණ්ඩායම් පුහුණු පාඨමාලා අංක - 04 ආරම්භ කිරීම

1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් ලබා දුන් උපදෙස් පරිදි සහ 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ උසස් පාබල කණ්ඩායම් පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා යුධ හමුදාවෙි ආධුණික පුහුණු මධ්‍යස්ථානය - දියතලාව ගැමුණු හේවා බලඇණියේ 06x221 භට පිරිස්වල සහභාගීත්වයෙන් 2023 ජූනි 23 වන දින ආරම්භ විය. එම පාඨමාලාවේ ආරම්භක දේශනය 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පවත්වන ලදී. එහි සමාරම්භක දේශනය සඳහා අණදෙන නිළධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ද එක්ව සිටියහ.