Header Sinhala

23rd January 2026 11:43:29 Hours

උඩුදුම්බර ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ගම්මාන තුනක සිවිල් වැසියන් 70 දෙනෙකු මුදා ගැනීමට පියවර

උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ හදිසි ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ භට පිරිස්, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අතරමන්ව සිටි පුද්ගලයින් 70 දෙනෙකු සාර්ථකව මුදවා ගැනීමට හමුදා භට පිරිස් සමත් විය. උඩුදුම්බර පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි කන්දේගම, මඩලන්ද සහ වඩවලකන්ද යන ගම්මානවල ජීවත් වූ විපතට පත් ජනතාව මෙසේ ගලවා ගැනීමේ කටයුතු සිදු කරන ලදී.