Header Sinhala

09th February 2024 10:57:06 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක, 1 බලකායේ බලකාධිපති හමුවෙයි

කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) , 2024 පෙබරවාරි මස 02 දින 1 බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී එස්එම් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සුහද හමුව අවසානයේදී 1 බලකායේ බලකාධිපතිතුමන් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. මෙම අවස්ථාවට 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ද සහභාගී විය.