Header Sinhala

21st January 2026 11:53:29 Hours

ඉන්දියානු යුධ හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂක 53 වන සේනාංකයේ සේනාංකාධිපති හමුවෙයි

ඉන්දීය හමුදාවේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් (DGMI) ලුතිනන් ජෙනරාල් ආර්එස් රාමන් පීවීඑස්එම් ඒවීඑස්එම් වයිඑස්එම්, බ්‍රිගේඩියර් එස්එස් ධලිවාල් එස්එස් වයිඑස්එම් එස්එම්, කර්නල් යෂ් වර්ධන් පටෙල්, කර්නල් අශිෂ් සූඩ්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ඉන්දීය නාවික හමුදාවේ කපිතාන් ආනන්ද් මුකුන්දන්, ලුතිනන් කර්නල් වික්‍රාන්ට් විශ්වස්රාඕ දේශ්මුක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් 2025 සැප්තැම්බර් මස 18 වන දින 53 වන සේනාංකයේ (RSF) සේනාංකාධිපති (GOC) මේජර් ජෙනරාල් තනුජ ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හමුවිය.

සුහද හමුවකින් පසු, ඉන්දීය හමුදාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් 53 වන සේනාංක පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළේය.

මේ අතර, සුහදත්වයේ සලකුණක් ලෙස, සේනාංකාධිපති විසින් ඉන්දීය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සැමරීම සඳහා අමුත්තන්ගේ පොතේ අත්සනක්ද තබනු ලැබීය.

53 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්පීඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති, 532 පාබල බලසේනාව, 533 පාබල බලසේනාව සහ 53 වන සේනාංකයේ සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.