Header Sinhala

04th December 2022 10:50:50 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී 1 බලකායේ නිල සංචාරයක නිරත විම

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පිඑස්සී එම්පීල්, 2022 ඔක්තෝබර් 14 වන දින 1 බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

1 බලකා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-pass) පුදකරන ලදී.

ඉන් අනතුරුව, 1 බලකාය යටතේ ස්ථාපිත සේනාංකයන්හි සියලුම සේනාංකාධිපතිවරුන්, බලකායේ මාණ්ඩලික නිලධාරීන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සමූහ ඡායාරූපයකටද පෙනීසිටි අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කරන ලදී.

අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී 1 බලකායේ භටපිරිස් ඇමතීමක් සිදු කරන ලදි. දේශනයේදි රට තුළ ඇති වු කලහාකාරි තත්වය සාර්ථකව මැඩලීම සදහා 1 බලකායේ භටපිරිස් විසින් සිදු කරන ලද ප්‍රශංසනිය මෙහෙවර අගය කල අතර කොරොනා වසංගත පාලනය කිරීමට සහය ලබාදුන් සියලුම යුද්ධ හමුදා භටපිරිස් වෙතද සිය කෘතඥතාව පළ කලේය. පසුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. කඳවුරු පරිශ්‍රයෙන් පිටව යාමට පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් උදය හේරත්, 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල ඉහළගේ, 1 බලකායේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.