23rd January 2026 11:27:28 Hours
පුත්තලම ප්‍රදේශයේ ඇතිවී ඇති හදිසි ගංවතුරෙන් පීඩාවට පත් එම ප්‍රදේශවල ජනතාවට කඩිනමින් සහන සැලසිම සඳහා පියවර ගැනීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම්, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ අනෙකුත් රජයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් ප්‍රදේශයේ විපතට පත් වූවන්ට අවශ්‍ය සහන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වන ලදී.