16th December 2024 10:15:25 Hours
මන්නාරම ආපදා කළමනාකරණ මධ්යස්ථාය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව 1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්ටීඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ ගුවන් සංක්රමික බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 3 බලඇණිය ශ්රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින හානියට පත්ව තිබූ පෙරියකුලම් වැව් බැම්ම ප්රතිසංස්කරණය කරනු ලැබීය.
3 බලඇණිය ශ්රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පෙරියකුලම් වැවේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානම වළක්වාගනු ලැබීය. එම අවධානම් සහිත ප්රදේශ වටා වැලි කොට්ට අතුරමින් අවදානම් තත්ත්වය වළක්වමින් ප්රදේශයේ වෙසෙන පවුල් සිය ගණනකගේ ආරක්ෂාව තහවුරු කළහ. ඔවුන්ගේ කාලෝචිත මැදිහත්වීම ප්රදේශවාසීන්ගේ ඇගයීමට ලක් විය.