Header Sinhala

16th December 2024 10:08:17 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳවැටුනු ජන ජිවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 26 දින මාතලේ, ඕවිලිකන්ද ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් දියත් කරමින් සිටි අවස්ථාවේ දී අධික වර්ෂාපතනය හේතුවෙන් නිවසක් කඩා වැටීමෙන් විපතට පත් නිවැසියන්ගේ ආරක්‍ෂාව තහවරු කළහ.

තවද, කිරිමැටියාව - මකුලේමඩ මාර්ගය අවහිර වන පරිදි කඩා වැටුණු දැවැන්ත ගසක් 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉවත් කරන ලදී. භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කරනු ලැබූ අතර, මහජනතාව වෙත අත්වන දුෂ්කරතාවයන් අවම කරමින් මෙම ප්‍රජා කටයුත්ත සිදුකරනු ලැබීය.