Header Sinhala

08th July 2022 09:05:40 Hours

අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්විම

දැනට රට තුල පවතින තත්වය හේතුවෙන් ‍1 බලකායේ බලකාධිපති තුමන්ගේ උපදෙස් හා මඟ පෙන්විම මත අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි යටතේ පවතින රාජකාරි සහ වගකීම් පිළිබඳව 1 බළකායේ රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ දේශන සහ ප්‍රායෝගික තෙදින පුහුණු වැඩසටහනක් 1 බලකා මුලස්ථානයේදි 2022.05.30 වන දින සිට 2022.06.01 වන දින දක්වා පවත්වන ලදී. මෙහිදි පහත සඳහන් කරුනු ආවරණය වන පරිදි මෙම පුහුණු වැඩ සටහන් පැවැත්වු අතර, මේ සඳහා 1 බලකායේ රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 06 x 104 දෙනෙකු සහභාගි විය.

අ. අභ්‍යන්තර ආරක්‍ෂාව හඳුන්වාදීම

ආ. අවදානම් ස්ථාන හා මරමස්ථාන

ඇ. විශේෂ පුද්ගලයන් ආරක්‍ෂාව

ඈ. මාර්ඟ බාධක

ඉ. නීති විරෝධි රැස්විම් විසුරුවා හැරිම

ඊ. වටලා සෙවිම

ඒ අනුව වැඩසටහනේ ආරම්භක දේශනය 1 බළකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පවත්වන ලද අතර, මෙම වැඩසටහන 1 බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (පුහුණු) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මෙහෙයවන ලදි.