Header Sinhala

18th July 2022 10:34:13 Hours

අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ පුහුණු වැඩසටහන - 2 වන අධියර

දැනට රට තුල පවතින තත්වය හේතුවෙන් ‍1 බලකායේ බලකාධිපති තුමන්ගේ උපදෙස් හා මඟ පෙන්විම මත අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි යටතේ පවතින රාජකාරි සහ වගකීම් පිළිබඳව 1 බළකායේ රාජකාරි නියුතු සහ 1 බලකායට අයත් සේවා ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ දේශන සහ ප්‍රායෝගික තෙදින පුහුණු වැඩසටහනක් 1 බලකා මුලස්ථානයේදි 2022.06.23 වන දින සිට 2022.06.25 වන දින දක්වා පවත්වන ලදී. මෙහිදි පහත සඳහන් විෂයන් ආවරණය වන පරිදි මෙම පුහුණු වැඩසටහන පැවැත්වු අතර, මේ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 06 x 213 දෙනෙකු සහභාගි විය.

අ.අභ්‍යන්තර ආරක්‍ෂාව හඳුන්වාදීම

ආ.අවදානම් ස්ථාන හා මරමස්ථාන හඳුන්වාදීම

ඇ.විශේෂ පුද්ගලයන් ආරක්‍ෂා කීරිම

ඈ.මාර්ඟ බාධක

ඉ. නීති විරෝධි රැස්විම් විසුරුවා හැරිම

ඊ. වටලා සෙවිම

මෙම පුහුණු වැඩසටහනේ ආරම්භක දේශනය 1 බළකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සිදුකරන ලද අතර, මෙම වැඩසටහන 1 බලකායේ පුහුණු අංශය අධීක්ෂණය මත පවත්වන ලදී.