Header Sinhala

27th July 2023 16:28:27 Hours

9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 15 වන සංවත්සරය සමරයි.

9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන සංවත්සරය 2023 ජූලි 15 වන දින රෙජිමේන්තු පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සමරන ලදී.

බළකා දින වැඩසටහනේ පළමු ඉසව්ව ලෙස අන්තර් බලඝණ ක්‍රිකට් තරඟ සහ වොලිබෝල් තරඟ 2023 ජූලි 08 දින පවත්වන ලදී.

එම ඒකකයේ අණදෙන නිළධාරී සහ සියලුම නිලයන් විසින් ධජ ආශිර්වාද කිරීමේ උත්සවය 2023 ජූලි 11 සහ 12 යන දෙදින තුළ ඒකකයට යාබද විහාරස්ථානයේ සහ කනකාම්බිකෙයි කුලම් කෝවිලේදී පවත්වන ලදී.

2023 ජුලි 15 සංවත්සර දිනයේ දී ඒකකය විසින් ප්‍රධාන දොරටුව වෙත පැමිණීමෙන් පසු අණදෙන නිළධාරි තුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන් අනතුරුව අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් බිඑම්එම්බි හේරත් ආර්එස්පි යුඑස්පි උත්සව පෙළපාලියෙන් අනතුරුව අණදෙන නිළධාරී විසින් පැළයක් රෝපණය කරන අතර, ඉන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. තවද අණදෙන නිළධාරී සියළුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, දිවා භෝජන සංග්‍රහය අවසානයේ භට පිරිස් ඇමතීය.

9 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බළකායේ සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු සහභාගී වූ අතර, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ආර්පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ. ඉන් පසු සංවිධානය කරන ලද මහා සංගීත සංදර්ශණයක් සහ නැටුම් සංදර්ශණයක් සහ ගිනිකෙළි වලින් මෙම උත්සවය වඩාත් වර්ණවත් විය.