Header Sinhala

11th June 2024 10:00:20 Hours

9 වන බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ දියත් කරන ලද ආපදා සහන මෙහෙයුම

1 බලකායේ බලකාධිපති තුමන්ගේ උපදෙස් මත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 582 පාබල බලසේනාවට අයත් 9 වන බළඇණියේ ගැමුණු හේවා බලකායේ භට පිරිස් හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ ආපදා මෙහෙයුමක් දියත් කරන ලදී.

එහිදී 9 ගැහේබ භට පිරිස් එම ප්‍රදේශයේ ආපදාවට ලක්වූ සිවිල් ජනතාවට සහය වූ අතර, බෝට්ටුවක් භාවිතා කරමින් විපතට පත් පුද්ගලයින්ට වියළි ආහාර බෙදා දෙන ලදී.