Header Sinhala

19th February 2025 12:53:04 Hours

8 ගජබා රෙජිමේන්තු භඨ පිරිස් මාවුස්සාව පන්සල්තැන්න රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

මාතලේ දිස්ත්‍රික්කයේ බලකඩුව ප්‍රදේශයෙහි මාවුස්සාව පංසල්තැන්න රක්‍ෂිතයෙහි ඇතිවු හදිසි ගින්න මැඩපැවැත්විමට සහය වන ලෙස උකුවෙල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි 8 ගරෙ ඒකකය වෙතින් ඉල්ලුම් කර ඇත. ඒ අනුව 53 පාබල සේනාංකයේ 532 බලසේනාවේ 8 ගරෙ ඒකකයට අයත් භටපිරිස් විසින් 2025.02.07 වන දින 1340 ට පමණ රක්‍ෂිතයට ඇතුල්වි ඇතිවු ගින්න සිවිල් ගම්මානයට දෙසට හා රක්‍ෂිතය තුල ව්‍යාප්ත විම වලක්වා ගින්න මැඩපැවැත්විමට කටයුතු කොට ඇත.