Header Sinhala

16th January 2023 17:07:13 Hours

6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුරෙන් අවතැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගනී

පසුගිය දෙදින තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟින් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වයෝවෘද්ධ කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බේරාගැනීමට සමත්වූහ.

අසල්වාසීන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව මකුල්වැව ප්‍රදේශයේ හුදකලාව ජීවත් වූ එම වයෝවෘද්ධ කාන්තාව වාසය කරනු ලැබූ නිවස එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමට ලක්විය.

ආපදා තත්වයෙන් පීඩාවිදිමින් සිටි ඇයගේ තත්වය පිළිබඳව අසල්වැසියෙකු විසින් සිදුකරනු ලැබූ දැනුම් දීමකට අනුව 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 583 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමාගේ අධීක්‍ෂණය යටතේ එකොළොස් දෙනෙකුගෙන් යුත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් අවතැන් වූ පිරිස් මුදාගැනීමේ යාත්‍රාවක් මගින් ඇයගේ නිවස වෙත ගොස් එම වයෝවෘද්ධ කාන්තාව ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යනු ලැබිණි.