Header Sinhala

21st January 2026 15:11:59 Hours

6 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව කටුකැලියාවේ දී බලඇණි පුහුණුව සාර්ථකව අවසන් කරයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 6 වන බලඇණිය විසින් 2025 අගෝස්තු මස 23 වන දින කටුකැලියාවේ පිහිටි 1 බලකා බලඇණි පුහුණු පාසලේදී සිය බලඇණි පුහුණුව සාර්ථකව නිම කරන ලදී.

මෙහිදී 583 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ඩීඑස්එන් කරුණාරත්න පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, බලසේනාධිපති විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය සිදුකරන ලදී. බලඇණි පුහුණු පාසල කටුකැලියාවේ සේනාවිධායක කර්නල් එස්එම්එස් බණ්ඩාර ආර්එස්පී ද මෙම අවස්ථාවට සහභාගී විය.