Header Sinhala

11th August 2023 22:00:47 Hours

582 පාබල සේනාංකය16 වැනි සංවත්සරය සමරයි

582 පාබල බලසේනාවේ සිය අභිමානවත් 16 වන සංවත්සරය 2023 අගෝස්තු මස 03 වන දින ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබීය. 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්ඩබ්ලිව්ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 2023 අගෝස්තු මස 01 සහ 02 යන දෙදින කඳවුරු විහාරස්ථානයේ සහ රත්නපුර සමන් දේවාලයේ දී බලසේනාවේ ධජයට සෙත්පතා බෝධි පූජාවක් පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වූ 582 පාබල බලසේනාවේ බලසේනාධිපති එම බලසේනාවේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව 582 බලසේනාවේ බලසේනාධිපතිවරයා සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, සියලු නිලයන් සඳහා වූ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වන ලදී.